May 04, 2024

කාශ්‍යප රජුගේ කඩුව ගන්න ගිය පිරිසක් කොටුවෙයි

කාශ්‍යප රජුගේ රන් කඩුව හා ආභරණ සොයා සීගිරිය අභය භූමියේ හොර රහසේ කැණීම කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය වනජීවී කාර්යාලය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට පත් ව ඇත්තේ සීගිරිය අලකොලවැව පදිංචි කරුවන් පිරිසකි. 

ඔවුන් කැණීම් කරමින් සිටි උපකරණ ද සොයාගෙන ඇත. සීගිරිය වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරක් අනුව ඊයේ (15) රාත්‍රියේ සිදු කළ වැටලීමක දී එම පිරිස කොටු කර ගෙන ඇත. මෙම පිරිස නිධානය සෙවීමට යොමු කර ඇති බව කියන පුද්ගලයකු පිළිබඳ විමර්ශන පවත්වන බව ද වාර්තා වේ.

දැනට එම ස්ථානයේ අඩි 20 ක පමණ විශාල වලක් හාරා තිබෙන බව සිගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරියකු පැවසි ය. 

කාංචන කුමාර ආරියදාස 

Rate this item
(0 votes)