May 04, 2024

අල්ලසක් ගත් රේගු ලොක්කන් රිමාන්ඩ් 

රුපියල් මිලියන 125 ක අල්ලසක් ගත්තැයි සැක පිට අත්අඩංගුවට ගත් රේගු නිලධාරීන් දෙදෙනා ලබන 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (16) නියෝග කළේ ය.

රුපියල් මිලියන 125ක් අල්ලස් ලෙස ගත් බවට චෝදනා එල්ල වූ රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබී ය.

රුපියල් මිලියන 1500ක් වටිනා භාණ්ඩ තොගයක් රේගු බදුවලින් තොර ව මුදා හැරීම සඳහා එම අල්ලස් ලබා ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)