May 04, 2024

ලීලානන්ද ගමාච්චි දිවියෙන් සමු ගනී 

ප්‍රවීණ ලේඛකයෙකු, ශාස්ත්‍රඥයෙකු සහපරිවර්තයෙකු වූ ලීලානන්ද ගමාච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

අද (16) පෞද්ගලික රෝහලක දී මරණයට පත් වූ ඒ මහතා මිය යන විට 79 වැනි වියේ පසු විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන වැනි දා 18 ඇල්දෙණියේ දී සිදුකිරීමට නියමිතයි.

1936 දී ගාල්ල, තෙල්ලඹුරග්‍රාමයේ උපත ලැබූ ලීලානන්ද ගමාච්චි මහතා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු ගණනාවක් දැරූ අතර, 1996 දී විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ග්‍රන්ථකරණයට පිවිසියේ ය.

මිය යනවිට අගනා ග‍්‍රන්ථ 115 කට වැඩි සංඛ්‍යාවක් රටට දායා ද කළ ඒ මහතා මුල් යුගයේ පරිවර්තනය කළ "හරි පුදුම ඉස්කෝලෙ" නම් කෘතිය අදටත් අප රටේ ළමා පරපුර අතර ඉමහත් ජනප‍්‍රියව පවතී. 

එමෙන්ම ඔහුගේ "පුංචි වීරයෝ" සහ "තරුණ වීරයෝ"නම් පරිවර්තන කෘති මාලාව ද ළමා පරපුරේ කියවීමේ රුචිකත්වය මෙන්ම ඔවුන්ගේ භාෂා භාවිතයේ වර්ධනයට ද මහත් සේ ඉවහල් විය. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 16 October 2015 14:53