May 05, 2024

ප්‍රභූ පුත්‍රයාගේ විදෙස් ගිණුම් ගැන දිගටම පරීක්ෂණ

මෙරට ඉහළම දේශපාලන පවුලක සාමාජිකයන්ගේ නමින් ඩුබායි බැංකුවක ඇතැයි කියන ගිණුම් 8ක් පරීක්ෂා කරනා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.

මේවා අතුරින් එක ගිණුමක ඇමරිකන් ඩොලර් කෝටි 109ක්ද (රුපියල් කෝටි 15000 ක් පමණ) තවත් ගිණුමක ඩොලර් කෝටි 180 ක්ද (රුපියල් කෝටි 24800ක් පමණ) සහ තවත් ගිණුමක ඩොලර් කෝටි 50ක්ද (රුපියල් කෝටි 6900ක් පමණ) වශයෙන් ඒවායේ මුදල් තැන්පත් කර ඇතැයි ඇමැති ප්‍රකාශ කර ඇත.

ඒ ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර පසුගිය දා බීබීසී ලෝක සේවයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ විදෙස් රටවල බැංකු ගිණුම් ඇති බව පවසමින් තමන්ට සහ තම පවුලට අපහාස කිරීමේ උත්සාහයක ඇතැම් අය යෙදී සිටින බවයි.

සබැඳි පුවත් - 

ප්‍රභූ පුතෙකුගේ විදෙස් ගිණුම් අත්හිටුවයි - නාමල් කතා කරයි
Rate this item
(0 votes)
Last modified on Friday, 16 October 2015 12:24