May 05, 2024

සාක් රටවල ශිෂ්‍යභටයින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

සාක් කලාපීය රටවලට අයත් ශිෂ්‍යභටයින් 55 දෙනෙකු සහ නිලධාරින් 14 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් ශ්‍රි ලංකාවේ ජාතික ශිෂ්‍යභට බළකාය මගින් සංවිධානය කරන "හර්මන් ලූස් අභියෝගතා කඳවුර - 2015 " සඳහා සහභාගීවිමට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම කඳවුර 2015 ඔක්තොම්බර් මස 19 වැනි දා රංටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම පිරිස නියෝජනය කරමින් කර්නල් ජයචන්ද්‍රන් නයිර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිළධාරින් 10 දෙනෙකු සහ ශිෂ්‍යභටයින් 20 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ඉකුත් 14 වැනි දා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සිදු විය.

එහි දී වර්තමාන ආරක්ෂක තත්ත්වය සහ ත්‍රිවිධ හමුදා කාර්යභාරය පිළිබඳ ශිෂ්‍යභටයින් සඳහා දැනුවත් කිරීමක් ද සිදු කර තිබේ.

Rate this item
(0 votes)