May 05, 2024

වෙලේසුදා තහනම් කලාපයකට - තනිව ඉන්න බැහැ කියයි

මරණීය දණ්ඩනය නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් 'වෙලේ සුදා' ට හිතවත් නිලධාරින් පිරිසක්‌ වැලිකඩ බන්ධනාගාරයේ සිටිය හැකි බවට සැකපහළ වීම නිසා ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරුකිරීමට පියවර ගන්නා බව වාර්තා වේ.

වෙලේ සුදා දැනට අංක 101 සිරමැදිරියේ රඳවා ඇති අතර එම ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත්කර ඇතැයි ද කිසිම හේතුවක්‌ නොමැතිව ඔහු සිටින සිරමැදිරියට යැමෙන් වළකින ලෙස බන්ධනාගාර ප්‍රධානීන් සිය නිලධාරීන්ට දැනුම් දී ඇතැයි ද පැවසේ.

මේ නිසා එම සිරමැදිරිය තුළ හුදෙකලාව සිටීමට නොහැකි යැයි ද තවත් රැඳවියන් දෙදෙනෙකු හෝ තම සිර මැදිරියෙහි රඳවන ලෙස ද වෙලේ සුදා ඉල්ලා ඇති නමුත් බන්ධනාගාර නිලධාරීන් එය ප්‍රතික්‍ෂේප කර ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 16 October 2015 10:36