May 05, 2024

නගරාධිපතිවරු දෙදෙනෙකුගේ ඉල්ලීමකට නිල කාළය දීර්ඝ කරයි

අද (15) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට නියමිතව තිබූ පළාත් පාළන ආයතන 21 ක නිළ කාලය දෙසැම්බර් මස 31වන දින දක්වා කල් දැමීමට පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන තිබේ. 

එම දීර්ඝ කිරීම සිදු කර ඇත්තේ කෝට්ටේ නගරාධිපති ජනක රණවක සහ ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරු පිරිසක් කරන ලද ඉල්ලීමකට අනුවයි. 

ඒ අනුව කුරුණෑගල, බදුල්ල, රත්නපුර, අනුරාධපුරය, කල්මුණේ, කොලොන්නාව, කොටිකාවත්ත, සූරියවැව, හම්බන්තොට, කුණ්ඩසාලේ, මහනුවර ,දෙහිවල - ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොරටුව, මීගමුව, ගම්පහ, ගාල්ල, මාතර, මහනුවර, මාතලේ, නුවරඑළිය මහ නගර සභාව, කඩවත්සතර සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව මෙලෙස කල් දැමූ ආයතන වේ. 

මේ වනවිටත් පළාත් පාලන ආයතන 312ක නිළ කාලය අවසන්ව ඇති අතර ඒවායේ කටයුතු සිදු වන්නේ එම පළාත් පාලන ආයතන වල ලේකම්වරුන් යටතේයි.  

එමෙන්ම කොළඹ සහ හම්බන්තොට යන මහනගර සභා 02 හි නිළ කාලය ද මේ මස 31 වනදායින් අවසන් වීමට නියමිතය.

Rate this item
(0 votes)