May 05, 2024

යාචකයන්ට දුම්රිය තහනම් කරයි

නොවැම්බර් මස 01 දා සිට දුම්රිය මැදිරි තුළ සහ දුම්රිය ස්‌ථානවල මගීන්ට බාධා වන පරිදි හැසිරෙන සියලුම යාචකයන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම කටයුත්ත දුම්රිය ආරක්‌ෂක නිලධාරීන් විසින් පොලිසියේ ද සහාය ඇතිව සිදු කරන බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා පවසා තිබේ.

ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය ඇමැති අශෝක්‌ අබේසිංහ සහ දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස්‌ අනුවයි මෙම තීරණයට එළැඹී ඇත්තේ.

Rate this item
(0 votes)