May 09, 2024

මහින්දට මෛත්‍රී ගැන ආඩම්බරයිලු 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංහල භාෂාවෙන් එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන විට තමාට ආඩම්බරයක් දැනුණු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිංහලයෙක් ලෙස මව් භාෂාව ලෝකය ඉදිරියේ කතා කිරීම හේතුවෙන් තමාට එවැනි ආඩම්බරයක් දැනුණු බවත් ජාත්‍යන්තරයේදී සිංහල භාෂාවෙන් ලෝකය ඇමතීම ඇතැම් පිරිස් වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට උත්සාහ කළද එවැනිදෑ නොසලකා හැරිය යුතු බවත් ඊයේ (15) කොළඹදී පැවති පොත් එළිදැක්වීමේ උළෙලකට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

පසුගිය කාලවලදී තමා නියෝජනය කළ එක්සත් ජාතීන්ගේ සමුළුවලදී තමා මුල්වරට සිංහල හා දෙමළ භාෂාවලින් කථා කළ බවත් යුද ජයග්‍රහණයෙන් පසුව ලෝකයේ බලගතු රටවලින් ශ්‍රී ලංකාවට එල්ලවී ඇති බලපෑම් හේතුවෙන් මෙරටට යන කලදසාව පිළිබඳව අවධානයෙන් සිටිය යුතු යැයිද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)