May 09, 2024

මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ්

අධිකරණය හමුවට නියමිත වේලාවට නොපැමිණි බවට චෝදනා ලැබූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා හෙට(16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

1999 ජනාධිපතිවරණ දින ආරචිචිකටිටුව ජන්ද මධ්‍යස්ථානයක ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් පැවති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මන්ත්‍රීවරයා අද (15) නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව හෙට (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

1999 ජනාධිපතිවරණ සමයේ ආරචිචිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙකුව කටයුතු කළ සනත් නිශාන්ත පෙරේරා මහතා තවත් අයෙකු සමග ජීව උණ්ඩ පහක් ළඟ තබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබූ අතර එම නඩුව පසුගිය 25 වැනි දා විභාගයට ගත් අවස්ථාවේ දී මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ නොසිටියේය. පසුව මන්ත්‍රීවරයා අද (15) මෝසමක් මගින් ඉදිරිපත් වී ඇත. 

 

Rate this item
(0 votes)