May 09, 2024

දින දෙකකට පෙර මිය ගිය ඇතින්නක් සූරියවැවෙන් හමුවෙයි 

සූරියවැව කුඩා ඉදිවැව ප්‍රදේශයේ තිබී මිට දින දෙකකට පමණ ඉහත දී මියගොස් ඇති ඇතින්නියකගේ සිරුරක් හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

වන අලියා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. ඒ. ගුණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර වන අලියා සම්බන්ධයෙන් පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි.

කෙසේ වුව ද මිය ගොස් ඇති ඇතින්න ජි. පි. එස්. කොලරයක් ද පැළඳ සිටි බව වාර්තා වේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට 

Rate this item
(0 votes)