May 08, 2024

'ඌණ ක්‍රියාකාරී ආයතන පනත ආයෝජන මරණවා' - කීර්ති තෙන්නකෝන්

ජිනීවා සාකච්ඡාවලින් අනතුරු ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ගොඩනැගී ඇති විශ්වාසය හරහා රටේ ආර්ථිකය වර්ධනය කිරීමේ සුදුසුම මොහොත එළැඹ ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. 

ජිනීවා යෝජනාවල දී මානව හිමිකම් තහවුරු වූවා සේම මෙරට ආර්ථික හිමිකම් ද තහවුරු කළ යුතු බව එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව පැවසූවේ ඊයේ (14) කොළඹ පදනම් ආයතනයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

මේ හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාවගේ අයිතීන් පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවත් ඒ හරහා ජනතාවගේ ආර්ථික නිදහස තහවුරු කළ හැකි බවත් තෙන්නකෝන් මහතා එහි දී පැවසී ය.

2016 අයවැය සඳහා නව රජය සැලසුම් සැකසීමේ දී රටේ ජනතාවගේ ආර්ථික හිමිකම් සුරැකීම සඳහා ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

පසුගිය පාලන සමයේ පැවති විවිධ නීති රීති සහ රෙගුලාසි හේතුවෙන් ආයෝජකයින් මෙරට ආයෝජනය කිරීම සම්බන්ධයෙන් බියක් දැක් වූ බවත් එම ආයෝජකයින් නැවත ආකර්ශනය කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය නිදහස් වටපිටාව සකසා දිය යුතු බවත් ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා එහි දී පැවසී ය.

 

Rate this item
(0 votes)