May 02, 2024

නිවසක් ලබා දීමට ලිංගික අල්ලස් ඉල්ලූ රතුකුරුස නිලධාරියෙකු ගැන විමර්ශන

ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමයෙන් ස්ථිර නිවසක් ලබාදීමට නම් තමන්ට ලිංගික අල්ලසක් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා රතුකුරුස කමිටුවේ නිලධාරියෙකු බලකල බවට කිළිනොච්චියේ මුලංගාවිල් ප්‍රදේශයේ කාන්තාවක් රතුකුරුස කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැමිණිලි කොට තිබේ.

එම කාන්තාව මේ පිළිබදව ශ්‍රී ලංකා රතුකුරුස කමිටුවට පමිණිලි කොට ඇත්තේ ඉන්දියානු ස්ථිර නිවාස පිළිබදව කටයුතු කිරීමේ වගකීම ශ්‍රී ලංකා රතුකුරුස කමිටුව වෙත ලබාදී තිබීම හේතුවෙනි.

මේ පිළිබදව ශ්‍රී ලංකා රතුකුරුස කමිටුවේ මාධ්‍ය කලමනාකරු මහේෂ් යමිගෙන් විමසූවිට ඔහු කියා සිටියේ එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දැනට කරගෙන යන බවත්ය.

යම් හෙයකින් මෙම පැමිණිල්ලේ සදහන් කරුණු සත්‍ය බව ඔප්පු වුවහොත් අදාල නිලධාරියා පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද දැනට එම නිලධාරියා වෙනත් ස්ථානයකට මාරු කොට ඔහු පිළිබදව දැඩි විමසිල්ලෙන් සිටින බවද රතුකුරුස කමිටුවේ මාධ්‍ය කලමනාකාරවරයා පැවසී ය.

දිනසේන රතුගමගේ වවුනියාවේ සිට

 

Rate this item
(0 votes)