May 02, 2024

මහින්ද වෙනුවෙන් BMICH අසල ජනතාව රැස්වෙයි - පොලීසියෙන් දැඩි රැකවල් (VIDEO) 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණියේය.

මහින්ද රාජපක්ෂ මහතා ගාමිණී මාරපන ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනකු සමඟ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවට පැමිණි අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය ඉදිරිපිට ජනතාව රැස්ව සිටින බව වාර්තාවේ.

කෙසේ වෙතත් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබූ අතර කැරලි මර්දන රථද ගෙන්වා තිබිණි.

ඡායාරූප - ලංකාදීප

Rate this item
(0 votes)