May 02, 2024

මහින්ද ජනපති කොමිසමට පැමිණියේ මෙහෙමයි (VIDEO)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) පෙරවරු 8.55 පමණ නීතිඥ ගාමිණී මාරපන ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනකු සමඟ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවට පැමිණියේය.

පසුගිය ජනපතිවරණ සමයේ ස්වාධීන රූපවාහනියේ ඡන්ද දැන්වීම් වෙනුවෙන් මුදල් නොගෙවීම හේතුවෙන් ආයතනයට අලාභ කිරීම හා ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරය කිරීමට ගිවිසගෙන තිබූ දැන්වීම් ප්‍රමාණයට වඩා අඩුවෙන් ප්‍රචාරය කර එම ආයතනයට ලැබිය යුතු මුදල් අහිමි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ජනපති කොමිසම විශේෂ පරීක්ෂණයක් සිදු කරයි. 

එම අවස්ථාවට හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් සහභාගී සිටියහ.

එම ඡායාරූප පහතින්

 

Rate this item
(2 votes)
Last modified on Friday, 16 October 2015 10:30