May 02, 2024

වැල්ලවත්තේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් 

වැල්ලවත්ත - රාමක්‍රිෂ්ණ මංසන්ධියේ පිහිටි මහල් තුනකින් යුත් ජංගම දුරකතන සහ පරිගණක උපාංග සහිත වෙළෙඳසැලක ගින්නක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බව වාර්තා වේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ දෙකක් ද අදාළ ස්ථානයට මේ වනවිට ගොස් ඇත. ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති බවත් සුළු තුවාල ලැබූ එක් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් පොලීසිය පවසයි.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 October 2015 11:30