May 02, 2024

වැඩ කරන ජනතාවගේ ගැටළු 07 ක් පිළිබඳ විශේෂ අවධානයක්

වැඩ කරන ජනතාවට බලපාන ප‍්‍රධාන ඉල්ලීම් 07ක්  සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කර තිබේ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අනුබද්ධ වෘත්තීය සමිතිවල වෘත්තීය සමිති නායකයින් 91 දෙනෙක් පමණ ඊයේ (14) ඒ පිළිබඳ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ය.

ඒ අනුව, රාජ්‍ය සේවක දීමනා මූලික වැටුපට එකතු කිරීම හා රජයේ සේවකයින්ගේ දේපල ණය, ආපදාණය, අග‍්‍රහාර රක්ෂණය කප්පාදුවන තර කිරීම, රාජ්‍ය සේවකයින් ඡන්දය භාවිතා කිරීමේ දී විද්වත් ක‍්‍රමවේදයක් සකස් කිරීම, පෞද්ගලික අංශයේ රුපියල් 2500.00 වැටුප් වැඩි කිරීම නීතිගත කර ගැනීම, රුපියල් 280.00 ජීවනාංකය ගැසට් කිරීම, මෑන් පවර් කොන්ත‍්‍රාත් සේවකයින් ස්ථිර කිරීම, වතු කම්කරු දෛනික වැටුප් සඳහා රුපියල් 1000.00 කිරීම, වතු කම්කරුවන්ගේ ඉඩම් සහ නිවාස ප‍්‍රශ්ණයට විසඳුම් ලබා ගැනීම යන ප‍්‍රශ්ණ 07 මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ අතර වෘත්තීය සමිති නායකයින් විසින් පුළුල් ලෙස ජනාධිපතිවරයා වෙත මෙම කරුණු දක්වා තිබේ. 

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළත් ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් සාකච්ඡාවේ දී ලබාගත නොහැකි වූ බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. 

මේ සම්බන්ධ ව තවදුරටත් කරුණු සොයා බලා විසඳුමක් ලබාදීම සඳහා නැවත සාකච්ඡාවක් ලබා දීමට ද ජනාධිපතිවරයා එකඟ වී ඇත.

 

Rate this item
(0 votes)