May 03, 2024

පළාත් පාලන ආයතන 23 ක නිල කාලය දීර්ඝ කෙරේ

මෙතෙක් නිල කාලය අවසන් නොවූ පළාත් පාලන ආයතන 23 ක නිල කාලය ලබන දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

දෙහිවල - ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ ඇතුලූ පළාත් පාලන ආයතන 21 ක නිල කාලය අනිද්දායින් අවසන් වීමට නියමිතව ඇති බවත් එමෙන්ම කොළඹ මහ නගර සභාව සහ හම්බන්තොට මහ නගර සභාව යන පළාත් පාලන ආයතන දෙකෙහි නිල කාලයද මේ මස 31 වනදායින් අවසන් වන බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පැවසී ය.

මේ හේතුව නිසා එම පළාත් පාලන ආයතන 23 හි නිල කාලය දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසුවේය.

පළාත්පාලන ආයතන 234 නිල කාලය පසුගිය මැයි මස 15 වන දින අවසන් වූ අතර, තවත් ආයතන 65 ක නිල කාලය පසුගිය ජූනි මස 31 වනදායින් අවසන් විය. දිවයිනේ මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 335 ක් වේ. 

Rate this item
(0 votes)