May 03, 2024

බෝම්බයක් පෙන්වා බැංකුව කොල්ලකෑ පුද්ගලයා හඳුණාගැනේ

දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවකට කඩා වැදී රුපියල් අට ලක්‍ෂයක මුදල් කොල්ලකා බැංකු සේවකයකුද ප්‍රාණ ඇපයට ගෙන පලා ගිය කොල්ලකරු CCTV කැමරා මාර්ගයෙන් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

අපරාධකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 4 ක්‌ පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බැංකු ආරක්‍ෂක නිලධාරීන් ඇතුළු පුද්ගලයන් පිරිසකගෙන් මේ වන විට ප්‍රශ්න කර කට උත්තර ලබා ගෙන තිබේ.

පසුගිය 13 වැනිදා පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවට බෝම්බයක්‌ රැගෙන පැමිණි කොල්ලකරු, සේවකයන් බිය ගන්වා රුපියල් අටලක්‍ෂයකට ආසන්න මුදල් කොල්ල කාගෙන පලා ගියේය.

Rate this item
(0 votes)