May 02, 2024

ඇමති හරීන්ගෙන් තරුණයන්ට ජංගම දුරකතන හා ටැබ්

ශ්‍රී ලංකාවේ සෑම පවුලකම තරුණ දරුවන්ට ඉතා අඩු මුදලට ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ ටැබ්ලට් පරිගණකයක් ලබාදීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ලංකාවේ ප්‍රධාන රෝහල් සියල්ලම ඩිජිටල් තාක්ෂණය යටතේ පරිගණක ජාලගත කිරීමටත් ඒ හරහා රෝගීන්ට වඩා පහසු සේවාවක් ලබා ගැනීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු මේ බව පැවසූවේ 'ඉ-හෙල්ත් ඒෂියා 2015' සමුළුවට සහභාගී වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 14 October 2015 16:02