May 03, 2024

හිටපු හමුදාපතිවරු 4ක් FCIDයට කැඳවා ප්‍රශ්න කරයි

විදේශ දූත මණ්ඩලවලට අනුයුක්තව සිටි නිලධාරින් දේශපාලන කටයුතුවල නිරතවිම සම්බන්ධයෙන් හිටපු හමුදාපතිවරුන් සිව්දෙනෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගත් බව පොලීසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ හිටපු හමුදාපතිවරුන් සිව්දෙනෙකුගෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගත් බවයි.

ඒ අනුව 2015-10-12 - ශාන්ත කෝට්ටේගොඩ මහතා (හිටපු යුද හමුදාපති) - හිටපු තානාපති/ තායිලන්තය

- ජයලත් වීරක්කොඩි මහතා (හිටපු ගුවන් හමුදාපති) - හිටපු මහකොමසාරිස්/ පකිස්ථානය

2015-10-13 - වසන්ත කරන්නාගොඩ මහතා (හිටපු නාවික හමුදාපති) - හිටපු තානාපති/ ජපානය

 - තිසර සමරසිංහ මහතා - (හිටපු නාවික හමුදාපති) - හිටපු මහකොමසාරිස්/ ඔස්ටේ‍්‍රලියාව

2015-10-14 - ජගත් කුමාර විජේසිරි මහතා (විශ්‍රාමික මේජර් ජනරාල්) -  ජපන් ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලය 

 

Rate this item
(0 votes)