May 04, 2024

අඟුලාන සුබ සාධක ගොඩනැගිල්ලේ අභිරහස් මළ සිරුරක් 

මොරටුව අඟුලාන සුබ සාධක ගොඩනැගිල්ල තුළ අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් ඊයේ (13) සොයා ගැනීමට හැකි වූ බව අඟුලාන පොලීසිය පවසයි.

එලෙස මරණට පත් ව ඇත්තේ අඟුලාන ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි සුනිල් ඇන්තනී නමැති ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු බව අනාවරණ වී තිබේ.

අඟුලාන සුබ සාධක ගොඩනැගිල්ල තුළ පුද්ගලයෙකු මරණයට පත් ව ඇති බවට පොලීසියට ලැබූ තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් අදාල පරීක්ෂණ ආරම්භ කර මිය ගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ගෙන් සිද්ධියට අදාල ව සාක්ෂි ලබා ගත් බව පොලීසිය පවසයි.

මොරටුව - ඉන්දික මනෝජ් 

Rate this item
(0 votes)