May 04, 2024

මැතිසබේ සජීවී විකාශනයට අලුත් නාලිකාවක්

පාර්ලිමේන්තු වාද විවාද සජීවී ලෙස විකාශනය කිරීමට සහ දේශපාලන දැනුවත් කිරීම් සඳහා රූපවාහිනි නාලිකාවන් අලුත් කිරීම ආරම්භ කිරීම කෙරෙහි විශේෂ අවදානය යොමු කර ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

තොරතුරු දැන ගැනීමේ පනත මේ මස අවසන්වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

කතානායකවරයා මේ බව සඳහන් කළේ "මාර්තු 12" ව්‍යාපාරයේ නියෝජිතයන් සමග ඊයේ (13) පැවති සාකච්ඡාවක දී ය.

Rate this item
(0 votes)