May 04, 2024

අමාත්‍යාංශයක ගොඩනැගිල්ලක් පාර්ලිමේන්තුවට 

පාර්ලිමේන්තු කටයුතු වඩාත් පුළුල් කර මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු කටයුතු සඳහා යොදා ගැනීමට රජයේ අවධානය යොමු ව තිබේ.

අගමැතිවරයාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකවන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේ දී ස්ථාපිත කෙරෙන කමිටුවල කටයුතු පවත්වාගෙන යාමට මෙම ගොඩනැගිල්ල උපයෝගී කර ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

එසේ ම සෑම මන්ත්‍රීවරයෙකුටම නිල කාමරයක් ලබාදීම සඳහා ද සූදානමක් පවතින අතර ඒ වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල යොදා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීම ඉදිරියේ දී සිදුකිරීමට නියමිතයි. 

Rate this item
(0 votes)