May 04, 2024

කැලණිය සරසවියටම WiFi

කැලණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨ, නේවාසිකාගාර ඇතුළුව විශ්වවිද්‍යාල පරිශ්‍රය WiFi පහසුකම්වලින් සමන්විත කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් නේවාසිකාගාර හා පීඨ ආවරණයවන පරිදි WiFi පහසුකම් ලබාදුන් පළමු විශ්වවිද්‍යාලය බවට කැලණිය විශ්වවිද්‍යාලය පත් ව තිබේ.

මෙහි දී දළුගම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ හා අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාර, බුළුගහ හන්දිය, මහර හා සීවලී මාවත යන ස්ථානවල පිහිටා ඇති කාන්තා හා පිරිමි නේවාසිකාගාර මෙන්ම රාගම වෛද්‍ය පීඨය හා එහි නේවාසිකාගාරය ආවරණයවන පරිදි අන්තර්ජාල පහසුකම් (WiFi) සැපයීමට හැකි වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ධම්මික වීරසිංහ මහතා පවසයි.

එසේම මෙම වැඩපිළිවෙළ සඳහා කැලණිය විශ්වවිද්‍යාලය එක් මසකට රුපියල් ලක්ෂ 27 ක් වැයකරන අතර මේ වනවිට WiFi පහසුකම් යටතේ පරිගණක 1000 ක් පමණ අන්තර්ජාල පහසුකම් ලබාගන්නා බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. 

Rate this item
(0 votes)