May 17, 2024

බොරු සාක්කි දුන් රක්නා ලංකා ලොක්කා ඉවතට

"රක්නා ලංකා" ආරක්ෂක සමාගමේ සාමාන්‍යාධිකාරි විශ‍්‍රාමික මේජර් ජනරාල් ගාමිණි ජයසුන්දර මහතා වහාම ක‍්‍රියාත්මක වන ලෙස එම තනතුරින් ඉවත් කොට ඇතැයි වාර්තා වේ. 

ජයසුන්දර මහතා, බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දීම සම්බන්ධයෙන්‍‍‍‍‍‍, නීතී‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ මඟින් කටයුතු නොකර සිටීම සඳහා හේතු ඉදිරිපත් කිරීමට නියමව සිටින අයෙකි.

ඔහුගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් සිය සමාගම දැඩි අපහසුතාවයකට මෙන්ම අවමානයකට පත්ව ඇති බව සඳහන් කරමින් "රක්නා ලංකා" සභාපති වික්ටර් සමරවීර මහතා මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 October 2015 13:06