May 17, 2024

ඇවන්ගාඩ් ගැන පොලිසියත් පරීක්ෂණ අරඹයි

නාවික හමුදා භාරයේ පවතින ඇවන්ගාඩ් සමාගමට අයත් නෞකාව සම්බන්ධයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

මෙරට මුහුදු තීරයේ දී  ඇවන්ගාර්ඩ් සමාගමට අයත් නෞකාවක්  පසුගිය 06 වන දින නාවික හමුදාව සිය භාරයට ගත් අතර අදාළ නෞකාවේ විදේශ ජාතිකයින් පස්දෙනෙකු ඇතුළු 33න් දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් සහ අවි ආයුධ තොගයක් ද තිබූ බව සඳහන් වේ.

මෙම නෞකාව සැක සහිත බැවින් පොලිස් භාරයට ගෙන ඒ පිළිබඳ  විමර්ශනයක් සිදුකරන ලෙසට නාවික හමුදාවේ දක්ෂිණ නාවික නියෝජ්‍ය ආඥාපතිවරයා විසින් ගාල්ල වරාය පොලිස් ස්ථානයට අද  දිනයේ පැමිණිල්ලක් සිදුකර තිබූ බව වාර්තා වේ.

මෙම සිද්ධිය ගැන නාවික හමුදාව විසින් ද පරීක්ෂණ සිදුකරන බව සඳහන් ය.

Rate this item
(0 votes)