May 17, 2024

හිටපු ඇමති වේලායුදම් අභාවප්‍රාප්ත වේ

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ. වේලායුදම් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.

65 වැනි වියේ පසු වූ ඒ මහතා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ.

හරින් ප්‍රනාන්දු මහතා ඌව මහඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී වූ අවස්ථාවේදී එම පුරප්පාඩුවට පිරවීමට වේලායුදම් මහතා පාර්ලිමේන්තුවට පිවිස පසුගිය ජනාධිපතිවරණයෙන් පසු බලයට ආ කෙටිකාලීන එජාප රජයේ වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේය.

වේලායුදම් මහතා පසුගිය මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වූව ද ඔහුට මන්ත්‍රී අසුනක් ලබා ගැනීමට නොහැකි වූවේ ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 October 2015 00:15