May 17, 2024

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා  පුවත්පත් ආයතනයේ නියෝජිත පිරිසක් අද (13) දහවල් ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක නිරත විය.

මාධ්‍ය සදහා වන ස්වයං නියාමන ක්‍රියාවලිය වඩා ශක්තිමත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ජනාධිපතිවරයා සමග ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහත්වරු  ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජේවර්ධන, උපාලි පුවත්පත් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ වෛද්‍ය කේසවරාජ්, සන්ඩේ ටයිමිස් කර්තෘ සිංහ රත්නතුංග, ලංකාදීප කර්තෘ සිරි රණසිංහ, දි අයිලන්ඩ් කර්තෘ මණික් ද සිල්වා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සී. දොඩාවත්ත, වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ කාංචන මාරසිංහ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ කුමාර් ලෝජේස් සහ සුකුමාර් රොක්වුඩ් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්විය.

 

Rate this item
(0 votes)