May 17, 2024

ෆුල් ෆේස් තහනමට එරෙහි වාරණය දිගු වේ

මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සැකසූ යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් භාවිතය තහනම් කරමින් පොලිසිය විසින් නිකුත් කළ රෙගුලාසිය අත්හිටුවා අභියාචනාධිකරණය නිකුත් කළ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර ඇත.

අභියාචනාධිකරණය මීට පෙර අදාළ වාරණ නියෝගය නිකුත් කර තිබුණේ යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අද එම පෙත්සම් යළි සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ නව රෙගුලාසිවලට අනුව ආරක්ෂිත හිස්වැසුමක් හඳුන්වා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බවයි.

එම කරුණු සැලකිල්ලට ගෙන අභියාචනාධිකරණය අදාළ වාරණ නියෝගය නොවැම්බර් මස 2 වැනිදා දක්වා දීර්ඝ කරන බව ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)