May 17, 2024

වැලිමඩ පවුල් 13 ක් අවතැන් 

වැලිමඩ බොරගස් ප්‍රදේශයේ පවුල් 13 ක පුද්ගලයින් 58 දෙනෙක් නාය යාමේ අවදානම හේතුවෙන් ඔවුන් පදිංචි ව සිටි ස්ථානවලින් ඉවත් කර තිබේ.

අවතැන් වූ පුද්ගලයින් එම ප්‍රදේශය ආසන්නයේ තාවකාලික කඳවුරක සිටින බවත් මේ වනවිට එම ප්‍රදේශයට තද වැසි සහිත කාලගුණ තත්ත්වක් පවතින බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදෙන බවත් නිවාස ප්‍රශ්නයට ද ඉදිරියේ දී විසඳුම් ලබාදෙන බවත් කම්කරු හා වෘත්තීය සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා සඳහන් කළේ ය.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 13 October 2015 16:51