May 17, 2024

පළාත් පාලන ඡන්දය දෙමුහුන් ක්‍රමයට 

මීළඟ පළාත් පාලන මැතිවරණය සියයට 70ක් කොට්ඨාස ක‍්‍රමයට හා සියයට 30ක් සමානුපාතික ක‍්‍රමයට පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය කොට්ඨාස නිර්ණය අවසන් කර ඇතැයිද පැන නැගී ඇති අනෙකුත් ගැටලූ පිළිබඳ සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණෙන බව ද හෙතෙම සඳහන් කළේය.

සමානුපාතික ඡන්ද ක‍්‍රමය මගින් මුදල් පදනම් කරගත් මැතිවරණ ක‍්‍රමයක් බිහි වී ඇතැයි කී අමාත්‍යවරයා එම තත්ත්වයෙහි වෙනසක් හා කොට්ඨාසයට වගකියන මන්ත‍්‍රීවරයකු ඉල්ලා ජනතාව කරන ඉල්ලීම සළකා මෙම පියවර ගන්නා බව ද ඔහු පැවසී ය.

Rate this item
(0 votes)