May 06, 2024

හිටපු ජනපතිගේ නම විකුණූ කතක් දැලේ

ඒඅයිඒ සමාගමට රුපියල් ලක්ෂ 02 ක වංචාවක් සිදු කළ කාන්තාවක් අද (13) මාලබේ නගරයේ දී කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවත් සම්බන්ධකමක් ඇති බව පවසමින් ද තවත් වංචා සිදු කර ඇතැයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ. 

ඒ අනුව සැකකාරිය ජීවිත රක්ෂණ භාර අරමුදලින් ව්‍යාපාරිකයෙකුට මුදල් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 100 ක මුදලක් ද එම ව්‍යාපාරිකයාගෙන් අදාල කාන්තාව ලබාගෙන තිබේ.

මේ අතර සැකකාරිය මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරිය බව පවසා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කාන්තාවකගෙන් ඇයට එරෙහි ව ඇති නඩුවෙන් නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 06 ක පමණ මුදලක් ලබා ගෙන ඇති බව පොලීසිය පවසයි.

45 හැවිරිදි සුනීතා දමයන්ති නමැති සැකකාරිය විවිධ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි වී සිටි බවටත් ඇය මේ වනවිට අතුරුගිරිය මිලේනියම්සිටි අංක 85 දරණ නිවාස සංකීර්ණසේ පදිංචි ව සිටි බවටත් පොලිස් විමර්ශනවල දී හෙළි වී තිබේ.

කෙසේ වෙතත් එවැනි මුදල් වංචා රැසකට ඇය සම්බන්ධ බව පොලීසියි සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇති.

සැකකාරිය ඒඅයිඒ සමාගමේ සේවය කරන බවත් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.

මොරටුව - ඉන්දික මනෝජ්

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 13 October 2015 14:41