May 06, 2024

පළාත් පාලන ආයතන 21ක කල් ඉකුත් වෙයි 

තවත් පළාත් පාලන ආයතන 21 ක නිළ කාලය ලබන එළැඹෙන 16 වැනි දායින් අවසන් වේ.

කොළඹ සහ හම්බන්තොට යන මහනගර සභා 02 හි නිළ කාලය ද ඔක්තෝම්බර් මස 31 වැනිදායින් අවසන්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පළාත් පාලන ආයතන 312 ක නිළ කාලය මේ වනවිටත් අවසන් වී තිබේ. ඒවායේ කටයුතු සිදුවන්නේ එම පළාත් පාලන ආයතනවල ලේකම්වරුන් යටතේ ය. 

මේ අතර මීළග පළාත් පාලන මැතිවරණය 70% ක් කොට්ඨාස ක‍්‍රමයට සහ 30% ක් සමානුපාතික ක‍්‍රමයට පවත්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරයි. 

එම පළාත් පාලන ආයතන 21 පහත පරිදි යත. 

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව

මොරටුව මහ නගර සභාව

මීගමුව මහ නගර සභාව

ගම්පහ මහ නගර සභාව

ගාල්ල මහ නගර සභාව

මාතර මහ නගර සභාව

මහනුවර මහ නගර සභාව

මාතලේ මහ නගර සභාව

නුවර එලිය මහ නගර සභාව

කුරුණෑගල මහ නගර සභාව

බදුල්ල මහ නගර සභාව

රත්නපුර මහ නගර සභාව

අනුරාධපුරය මහ නගර සභාව

කලුමුණේ මහ නගර සභාව

කොලොන්නාව නගර සභාව

කොටිකාවත්ත ප්‍රාදේශීය සභාව

සූරිය වැව ප්‍රාදේශීය සභාව

හම්බන්තොට ප්‍රාදේශීය සභාව

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව

මහනුවර කඩවත්සතර සහ ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාව

Rate this item
(0 votes)