May 06, 2024

හම්බන්තොට විරෝධතාවයේ ඇතිවූ ගැටුම ගැන නාමල් කතා කරයි

හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ පිරිසිදු ජලය ඉල්ලා එම ජනතාව කළ විරෝධතාවට පොලීසිය එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව හම්බන්තොට දිස්ත්‍රික් නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

ඊයේ (12) එම ගැටුම ඇතිවූ අතර ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ. 

පානීය ජලය ඉල්ලා පිරිසක් ඊයේ තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ පල්ලේමලල හන්දියේදී  ආරම්භ කළ විරෝධතාවයක් පොලීසිය හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විසුරුවා හැර තිබිණි.

එහිදී පොලීසිය වාහන ගමනා ගමනයට ඉඩදී මාර්ගයෙන් ඉවත් ව විරෝධතාවයේ නිරතවන ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර එහෙත් ඔවුන් එම ඉල්ලීම නොසලකා විරෝධතා දක්වා තිබේ.

මේ අවස්ථාවේදී කැරලි මර්දන ඒකකය මැදිහත් වී ඔවුන් අවම බලය යොදා ඉවත් කිරීමට කටයුතු කළ අවස්ථාවේදී ‍විරෝධතාකරුවන්ගේ ගල්මුල් ප්‍රහාරයකින් නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. විරෝධතාකරුවෙකු ද මෙහිදී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 13 October 2015 11:58