May 07, 2024

ඥානසාර හිමි අධිකරණයට එයි

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු සැකකරුවන් තිදෙනා අද (13) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ පෙනී සිටියහ.

කුරානයට අපහාස කිරීම හා ජාතික බලසේනාවේ මාධ්‍ය හමුවක් කඩාකප්පල් කිරීමේ චෝදනාවට අදාළ නඩුවකට ඊයේ(12) පෙනී නොසිටියේ යැයි චෝදනාවට ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ ‍වරෙන්තු නිකුත් කරන ලදී.

ඒ අනූව ඥානසාර හිමි ඇතුළු තිදෙනා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට අද පෙරවරුවේ පැමිණ ඇතැයි වාර්තාවේ.

Rate this item
(0 votes)