May 07, 2024

උසාවියට ඒමට පමාවුණේ මේ නිසයි - ඥානසාර හිමි කියයි

නව රථවාහන සැලැස්ම හේතුවෙන් උසාවිය හමුවට පැමිණීමට මිනිත්තු පහක්‌ ප්‍රමාද වූ බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

තමන් වහන්සේට උසාවිය මඟහැර සිටීමට කිසිදු අවශ්‍යතාවක්‌ හෝ වුවමනාවක්‌ නොතිබූ බවත් ඊයේ (12) රාජගිරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්‌ම නිසා අන් කවරදාටත් වඩා වාහන තදබදයක්‌ ඇතිවූ බවත් ඥාණසාර හිමියෝ කියා සිටියහ.

ඕනෑම අධිකරණ කටයුත්තක්‌ සඳහා තමන් වහන්සේගේ උපරිම සහාය ලබා දෙන බවත් මීළඟ නඩු වාරයේදී අධිකරණයට මෝසමක්‌ ඉදිරිපත් කර නඩු විභාගයට පෙනී සිටීමට අපේක්‌ෂා කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

ශුද්ධ වූ කුරාණයට අපහාස කළැයි හා ජාතික බලසේනාවේ මාධ්‍ය සාකච්ඡාවකට කඩාපැන බාධා කළේ යැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2015 11:37