May 06, 2024

අඩි 150කින් වැටී එක්දරු පියෙකු මරු දකී

වැලිමඩ රජකදුරුවෙල ප්‍රදේශයේ ගල් වලක සේවය කරමින් සිටි කම්කරුවෙකු අඩි 150 ක ඉහළ ස්ථානයක වැඩ කරමින් සිටිය දී පහළට වැටී එම ස්ථානයේ දී ම මරණයට පත් ව තිබේ.

කඹයක ආධාරයෙන් ඔහු එම ස්ථානයේ රැඳී සිටි බවත් කඹය කැඩීමෙන් ඔහු පහළට වැටී ඇති බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

වැලිමඩ රජකදුරුවෙල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි එක් දරු පියෙක් මෙලෙස මරණයට පත් ව තිබේ. වැලිමඩ පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

වැලිමඩ ප්‍රේමලාල් රත්නායක

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 13 October 2015 08:41