May 04, 2024

අලුගෝසු සම්මුඛ පරික්ෂණය අදයි - 24ක් පෝලිමේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වදක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අද (13) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා පුද්ගලයින් 24 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇති අතර එහිදී පුද්ගලයින් දෙදෙනෙක් අදාළ තනතුර සඳහා තෝරා ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසී ය.

මෙම තනතුර සඳහා අවම සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ 8 වසර සමත් විම වුවත්, උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවන්ද ඉල්ලුම්පත් එවා ඇතැයි කොමසාරිස්වරයා පැවසී ය.

මේ වනවිට එල්ලුම්ගහ පිහිටුවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ පමණක් වන නිසා මෙහිදී තෝරා ගන්නා පුද්ගලයින් දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයේ සේවය සඳහා යෙදවීමට නියමිතව ඇත.

 

Rate this item
(0 votes)