May 03, 2024

රාජගිරියේ රථ වාහන සැලැස්මට මොකද වුණේ? (VIDEO)

රාජගිරිය ආශ්‍රිත ව අද (12) පෙරවරුවේ විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක විය.

නව රථ වාහන සැලැස්ම සාර්ථකව සිදු වූ බව රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසී ය.

එම විශේෂ රථ වාහන සැලැස්ම අද සිට සතියේ සෑම දිනක ම පෙරවරු 07.30 ත් 08.45ත් අතර කාලයේ දී ක්‍රියාත්මක වේ.

මහරගම නගරය ආශ්‍රිත ව රථ වාහන සැලැස්ම අද සිට සෑම දිනක ම පස්වරු 01.00 සිට රාත්‍රී ද 09.00 දක්වා ක්‍රියාත්මක ය.

රාජගිරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නව රථ වාහන සැලැස්ම පිළිබඳ රියැදුරන් සහ මහජනතාව විවිධ අදහස් පළ කළේ ය.

එම වීඩියෝව පහතින් 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2015 01:28