May 04, 2024

කාත්තාන්කුඩියේ බෝම්බ පිපිරීමක් (PHOTOS)

කාත්තාන්කුඩි ප්‍රදේශයේ ඒ.එල්.එස්.මාවතේ අද (12) පස්වරුවේ සිදු වූ බෝම්බ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලේ ඇතුළත් කර ඇත.

ඒ.එල්.එස්. මාවතේ අංක 58 නිවසට අසල ඇති හිස් ඉඩමක් පිරිසිදු කරමින් සිටිය දී කුණු ගොඩේ තිබූ බෝම්බයක් පිපිරුණු බව පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් දෙදරු පියෙකුවන එච්.එම්. ඉර්ෂාත් නමැති 32 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබේ.

මඩකලපුව - ජවුෆර්කාන්

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2015 16:23