May 04, 2024

භාරත නඩුවට දුමින්ද - හිරුණිකා උසාවි එයි (PHOTOS) 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු සැකකරුවන් 13 දෙනකුට එරෙහි නඩු විභාගය අද(12) ඇරැඹිණි.

කොළඹ මහාධිකරණයේදී විනිසුරු ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී රණවක ගුණතිලක හා එම්.සී.බී.එස්.මොරායස් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාගය පැවැත්වේ.

නඩු විභාගය සඳහා හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පැමිණිල්ලේ හා විත්තියේ පිරිස් අද පැමිණ සිටියහ.

ඡායාරූප - ලංකාදීප

Rate this item
(0 votes)