May 18, 2024

කොළඹ වරාය නගර වාර්තාව මේ සතියේ 

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැන නැගී තිබෙන ගැටලු පිළිබඳව පරීක්ෂා කර බලා ගත යුතු පියවරයන් පිළිබඳව ආර්ථික කළමනාකරණය අමාත්‍ය කමිටුවට වාර්තා කිරීමට 10 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇත.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සියලුම ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත මෙම කමිටුව  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් යෝජනා කර ඇත.

මේ අතර ලබන බ්‍රහස්පතින්දාට පෙර කොළඹ වරාය නගරයේ නව පරිසර වාර්තාවක් මෙම කමිටුව ඉදිරිපත් කිරීමට නියමිතය. එම ව්‍යාපෘතිය සිදු කිරීම  පිළිබඳව නැවත සලකා බැලීම වෙනුවෙන් මෙම වාර්තාව සැකසේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ගිවිසුමේ කාලය මාස 06 කින් දීර්ඝ කිරීමට රජය මේ වනවිටත් අවසර ලබාදී ඇත.

Rate this item
(1 Vote)
Last modified on Monday, 12 October 2015 09:05