May 18, 2024

රාජගිරිය හා මහරගම නව රථවාහන සැලැස්ම අද සිට

රාජගිරිය හා මහරගම ප්‍රදේශවල වාහන තදබදය අවම කිරීම සඳහා අද(12) සිට නව රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඊයේ (11) උදෑසන 7.30 සිට 8.45 දක්වා කාලය තුළ ඊට අදාළ පෙරහුරු සිදු කෙරිණ.

එක් පෙරහුරුවක් නෙළුම්පොකුණ මංසන්ධිය සහ බොරැල්ල වටරවුම අතර කොටසේ පැවැත්විණි.

අද සිට ක්‍රියාත්මක නව සැළැස්මට අනුව වැලිකඩ පොලීසිය ඉදිරිපිට සිට ධාවන තීරු 6ම කොළඹ දෙසට විවෘත වේ.

ඒ අනුව ආයුර්වේද වට රවුමේ සිට වැලිකඩ මංසන්ධිය හරහා ධාවනය කෙරෙන සියලු ම වාහන, රාජගිරිය නගරය හරහා එක ම දිශාවෙන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කළ හැකි ය.

වැලිකඩ මංසන්ධියේ සිට නාවල මාර්ගයෙන් පැමිණෙන වාහනවලට මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කළ හැකි වේ.

එමෙන් ම වැලිකඩ මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වාත්, දේවි බාලිකා විද්‍යාලය අසල සිට නෙළුම් පොකුණ දක්වාත් මාර්ගවල විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක ය.

මහරගම නගරයේදී ද ඊයේ (10) නව රථවාහන සැලැස්ම අත්හදා බැලිණ.

එම රථවාහන සැලැස්මට අනුව මහරගම සිට හෝමාගම දෙසට පරණ පාර ඔස්සේ ද ගමන් කළ හැකි අතර හයිලෙවල් මාර්ගයේ ද එක් මං තීරුවක් හෝමාගම දෙසට විවෘත වේ.

Rate this item
(0 votes)