May 18, 2024

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද(12) ආරම්භ වේ.

ඒ අනුව ගෘහ විද්‍යාව, නර්තනය සහ සංගීතය යන විෂයන්ට අදාළව මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

නාට්‍යය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණ 16 වැනිදා පැවැත්වේ.

ඊට අදාළ ප්‍රවේශ පත්‍ර පාසල් අයැදුම්කරුවන්ට අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත හැකි ය. පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් වෙත තැපැල් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසී ය.

ඒ පිළිබඳ යම් විමසීමක් වෙතොත් 0112 784 208 හෝ 0112 784 537 හා 0113 188 350 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි ය.

Rate this item
(0 votes)