May 18, 2024

කිරිගවයින් රැගත් නැවක් හම්බන්තොට වරායට (PHOTOS)

මෙරට කිරි නිෂ්පාදනය ඉහල නැංවීමේ ජාතික වැඩසටහනට සමගාමිව ඕස්ට්‍රේලියාවේ ජසි වර්ගයේ කිරිගවයින් 1317 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය වෙත අද (11)රැගෙන එනු ලැබිය.

OCEN OUTBACK යන සත්වයින් ප්‍රවාහනය කරන නෞකාව මගින් මෙම ගවයින් මෙරටට ගෙන එන ලදී.

මෙසේ ගෙන්වන ලද ජසි වර්ගයේ ගැබ්බර කිරිගවයින් 1317 දෙනා ලොරිරථ මගින් අම්බලන්තොට ජාතික පශු සම්පත් මණ්ඩලයේ රිදියගම ගොවිපල වෙත ගෙන ඒමට කටයුතු යොදා ඇත.

ඉදිරියේදී ලංකාවේ තෝරාගත් කලාප හයක් තුල මෙම කිරිගවයින් බෙදාදී කිරි නිෂ්පාදනය කෙරෙහි මෙරට කිරිගොවියා යොමුකර රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කිරීමේ අරමුණින් මෙම කිරි ගවයින් ගෙන්වන බව පශු සම්පත් මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසි ය.

රාහුල් සමන්ත - හම්බන්තොට

 

Rate this item
(0 votes)