May 18, 2024

පිල්ලෙයාන්ට රහස් පොලීසියෙන් කැඳවීමක්

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වේ. 

ඒ අනුව සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට අද (11) පස්වරු 5.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස පොලීසිය විසින් දැනුම් දී ඇත.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස එම කැඳවීම සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.  

2005 වසරේ දෙසැම්බර් 25 වැනිදා මඩකලපු මෙරියාල් දේවාලයේ නත්තල් පූජාවේ යෙදී සිටියදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් නාඳුනන තුවක්‌කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

Rate this item
(0 votes)