May 18, 2024

කොළඹ නව රථ වාහන සැලැස්ම අත්හදා බලයි

පාර්ලිමේන්තු පාරේ සහ මහරගම නගරයේ රථ වාහන තදබදය අවම කිරීම අරමුණු කරගත් නව රථවාහන සැලැස්මක් අද (10) සහ හෙට (11) අත්හදා බැලීමට නියමිතයි. 

ඒ යටතේ සතියේ දිනවල වැලිකඩ හන්දියේ සිට හෝර්ටන් වටරවුම දක්වා රථවාහන එක් දිශාවකට ධාවනය කිරීමේ පෙරහුරුවක් අද (10) පෙරවරු 10.30 සිට 11.30 දක්වාත්, හෙට (11) පෙරවරු 07.30ට සිට 08.45 දක්වාත් පැවැත්වෙයි.

එසේම මහරගම නගරයේ රථ වාහන පෙරහුරුව හෙට (11) පෙරවරු 09.00 සිට 10.00 දක්වා පැවැත්වීමට නියමිතයි. 

ඒ අනුව වැලිකඩ හන්දිය දෙස සිට ආයූර්වේද හන්දිය දක්වා ජයවර්ධනපුර මාර්ගයේ පාර්ලිමේන්තුව දෙස සිට කොල්ලුපිටිය දෙසට, ආයූර්වේද හන්දියේ සිට වැලිකඩ හන්දිය දක්වා පරණ රාජගිරිය පාර බොරැල්ල දෙස සිට පාර්ලිමේන්තුව දෙසට, දේවිබාලිකා විද්‍යාලය අසල සිට හෝර්ටන් වටරවුම දක්වා ජයවර්ධනපුර පාර හා හෝර්ටන් පාර වැලිකඩ දෙස සිට කොල්ලුපිටිය දෙසට, ග්‍රෙගරි පාර මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියේ සිට කිංසි පාර දෙසට, පරණ බුලර්ස් පාර කනත්ත වටරවුමේ සිට දේවිබාලිකා හන්දියේ සිට වැලිකඩ දෙසට තනි දිශාවකට වාහන ගමන් කළ යුතු ය.

මහරගම නගරයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව රථ වාහන සැලැස්මට අනුව හෝමාගම සිට කොළඹ දෙසට යාමට ඇති ප්‍රධාන මාර්ගයේ මංතීරු 04 න් එක් මංතීරුවක් කොළඹ දෙස සිට හෝමාගම දෙසට යාමට ඉඩ ලබාදීම සහ එම මංතීරුවෙන් දෙහිවලට යන වාහනවලට ද ගමන් කිරීමට ඉඩ සලසාදීම  සිදු කෙරෙනු ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 October 2015 07:20