May 18, 2024

ජාතික සරුංගල් සැණකෙළිය අද සහ හෙට

ජාතික සරුංගල් සැණකෙළිය අද (10) සහ හෙට (11) දිනවල දී ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ළමා හා විවෘත අංශ වශයෙන් තරග ඛාණ්ඩ දෙකක් යටතේ එහි දී තරග පැවැත් වේ.

කයිට්ස් ශ්‍රී ලංකා සංගමය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සහයෝගයෙන් සංවිධානය කර ඇති මෙම සැණකෙළිය සඳහා ලංකෙම් රොබියලැක් ආයතනය ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙයි.

ක්‍රීඩාවක් ලෙස සරුංගල් යැවීම ලංකාවේ ප්‍රචලිත කිරීම සහ සමාජ සහජීවනය ඇති කිරීම සඳහා සරුංගලය යොදා ගැනීමේ අරමුණින් ජාතික සරුංගල් සැණකෙළිය සංවිධානය කරයි.

Rate this item
(0 votes)