May 18, 2024

දින 3ක කිරිකැටියා වළ දැමූ 22 හැවිරිදි මවක් අත්අඩංගුවට

දින 03 ක් වයසැති සිය බිළිඳා නිවෙස පිටුපස වළක්‌ කපා වළදැමූ බව කියන 22 හැවිරිදි විවාහක කාන්තාවක වැලිකන්ද මලින්ද මහවැලි ගම්මානයේ දී වැලිකන්ද පොලීසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත.

මනම්පිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් සන්ධ්‍යා කුමාරි කරුණාසේකර මහත්මිය ඉදිරියේ ඊයේ (09) පස්වරුවේ එම බිලිඳු මළ සිරුර ගොඩ ගනු ලැබූ අතර ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක්‌ පවත්වන ලෙස පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට මහෙස්‌ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී.

එලෙස මරා දමා ඇති බිළිඳා පිරිමි දරුවකු බව වාර්තා වේ.

මෙම අපරාධය සඳහා දැනට පොලීසිය අත්අඩංගුවට ගෙන සිටින සැකකාරියගේ මවවන 58 හැවිරිදි කාන්තාවක ද සිද්ධියට අනුබල දී ඇති බවට මූලික පොලිස්‌ පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වැලිකන්ද පොලීසිය විසින් සිදු කරයි.

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 10 October 2015 09:23